සයිටම් ආයතනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබාදෙන අවසන් විසඳුම අපේක්ෂාවෙන් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඇතැම් අමාත්‍යවරුන් සිදුකරන ප්‍රකාශ පිළිබඳ තමන්ට කිසිඳු විශ්වාසයක් නොමැති බවයි.
කෙසේ වෙතත් මෙරට රෝගී ජනතාවගේ අයිතිවාසිකම් සුරකින විසඳුමක් තමන් අපේඛා කරන බවද ඔහු කියා සිටියා.
සයිටම් අවසන් තීන්දුවක් ගැනීමට පෙර තමන්ට සාකච්ඡාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.