හම්බන්තොට විරෝධතාවයේදී තරුණයකුට පහර දුන් තංගල්ල කොට්ඨාශය භාර හිටපු සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම චෝදනා පත්‍රයක් සකස් කර තිබෙනවා.
එම චෝදනා පත්‍රය ලබන සතියේදී නිකුත් කරන බවයි ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ කියා සිටියේ.
පහරදීමේ චෝදනා එල්ලවූ හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා ඉකුත්දා මාතර කොට්ඨාශයට මාරු කර යැවුණා.
ඒ ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ අනුවයි.