අනුරාධපුර බුලන්කුලම ප්රදේශයේදී තරුණියන් දෙදෙනකුට මරු කැඳවූ රිය අනතුරට සම්බන්ධ ගවයින් ප්රවාහනය කළ ලොරිය පසුපස ලූහුබැඳි පොලිස් සැරයන්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි චූලනී වීරරත්න විසින් සිදුකළ විමර්ශනයිකින් අනතුරුවයි.
වැඩතහනමට ලක්වූ පොලිස් සැරයන්වරුන් දෙදෙනා අනුරාධපුර පොලීසියට අනුයුක්තව සේවය කළ නිලධාරීන්.
ඔවුන් දෙදෙනා කැබ් රථයකින් ගවයින් ප්රවාහනය කළ ලොරි රථය ලූහුබැඳ තිබුණා.
එහිදී නොනවත්වා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථය කැබ් රථයක ගැටී අදාළ තරුණියන් දෙදෙනා පැමිණි යතුරුපැදියේ ද ගැටී පෙරලී ගොස් ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණේ.
එම අනතුරෙන් යතුරු පැදියේ පැමිණි එක් තරුණියක් එම ස්ථානයේදීම මියගිය අතර අනෙක් තරුණිය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගියා.
ඔවුන් එකම පවුලේ සහෝදරියන්.