ආනමඩුව ආඬිගම මංසන්ධියේදී අලූතින් විවෘත කරන ලද ආපනශාලාවකට ඊයේ (27) රාත්රියේ වෙඩි ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි අයකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඒ සඳහා බෝර 12 ගිනිඅවියක් භාවිත කර ඇති අතර ඉන් නිකුත් වූ උණ්ඩ 5ක් හෝටලයට වැදී ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
කෙසේවෙතත් මෙම වෙඩි තැබීමෙන් කිසිවකුට හෝ තුවාල සිදුවී නැහැ. පල්ලම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.