ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ විෂයභාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින්.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තුගේ අධීක්ෂණයෙන් යුත් එම කමිටුව නීතිපති දෙපාර්තමේන්තුව හා බුද්ධශාසන අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීන්ගෙන් සමන්විත වනවා.
රුහුණු කතරගම මහා දේවාලයේ පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන් කවුරුන්ද, වගකීම පැහැරහරිනු ලැබූ පාර්ශ්වයන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශනයේදී සොයාබැලෙනු ඇති.
රුහුණු කතරගම මහා දේවාලයේ යතුර ලබාදීම බස්නායක නිලමේවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග බස්නායක නිලමේවරයා හා කපු මහතුන් අතර අදාළ අර්බුදය හට ගැනුණා.