ගුරුවරුන් පමණක් නොව වසර දහයකට වඩා එකම පාසලේ රාජකාරිය කළ ජාතික පාසල් වල විදුහල්පතිවරුන් ද ළඟදීම වෙනත් පාසල් සඳහා මාරු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (27) එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය වෙනුවෙන් නොබියව නිවැරදි තීන්දු තීරණ ගැනීම සඳහා තමන් කිසි විටෙකත් පසුබට නොවන බවද අවධාරණය කළා.
කිසිඳු තීරණයක් කිසිවකු සමඟ ද්වේශ සහගතව නොව පද්ධතියේත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේත් උන්නතිය වෙනුවෙන් ගන්නා බව ද අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.