ජනවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති පළාත් පාලන මැතිවරණය යළිත් වරක් කල්ගියහොත් එහි වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් භාරගත යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන කියා සිටියේ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය මේ වනවිට පූර්ණ සූදානමකින් පසුවන බවයි.
ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයේ සමාජිකයෙකු පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර මැතිවරණය කල් යන්නේ නම් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටළුවක් බවයි මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ.
එක්සත් ජාතික පක්ෂය 100% මැතිවරණය සඳහා සූදානමෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මත්ත්රීවරයා මෙම අදහස් පළ කළේ පෑලියගොඩ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.