වැල්ලවාය ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව මුහුණදෙන පානීය ජල හිඟයට මෙතෙක් විසඳම් ලැබී නොමැති බව ප්‍රදේශවාසීන් පවසනවා.
ඔවුන් කියා සිටියේ දැනට දින 6ක සිට තමන්ට ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ලබාදෙන ජලය නොලැබෙන බවයි.
වැල්ලවාය, නුගයාය, යාලබෝව මහවෙලමුල්ල සහ සෙල්ලබාව යන ප්‍රදේශවල ජනතාව මෙම තත්ත්වයට මුහුණ දී සිටිනවා.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජල සම්පාදන මණ්ඩලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු කියා සිටියේ හදිසි අලූත්වැඩියාවක් සහ ජල මූලාශ්‍රවලට රොන් මඩ එකතුවීම හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ලවී ඇති බවයි.
කඩිනමින් එය යතාතත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියා.