හෙට (29) සිට මෙරට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාතේ මෙන්ම වව්නියාව දිස්ත්‍රික්කයට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (27) රාත්‍රී ඇදහැලූණු ධාරානිපාත වර්ෂාවත් සමග ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරුණා.
ඉන් එක් වාන් දොරටුවක් අද අලූයම වසා දැමුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
කැනියොන් ජලාශයේ වාන් දොරටු 2ක් ද ඊයේ (27) රාත්‍රියේ සිට අද (28)අලූයම දක්වා විවෘත කර තැබුණා.
ඇදහැලූණු ධාරානිපාත වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට ආසන්න වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.