දෘෂ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සුදු සැරයටි, උපැස් යුවල සහ ඔවුන්ට අවශ්‍ය තවත් උපකරණ ලබාදීම නෙත් නිවුස් සහ දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ අද (28) සිදු කෙරුණා.
ඒ ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ ගාලූ ශාඛාව ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් පවත්වන සැමරුම් උත්සවයට සමගාමීවයි.
එම උත්සවය බද්දේගම සන්දරවල පිහිටි දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලන ශාඛාවේදී පැවැත්වෙනවා.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ ගාලූ ශාඛාවේ උප සභාපති ජනක දේශප්‍රිය අදහස් දැක්වුවා.
ඔහු කියා සිටියේ නෙත් එෆ්.එම් සිදුකරන මෙම සත්කාර්යය හේතුවෙන් දෂ්යාබාධිත පුද්ගලයන්ට දෑසක් හිමිවුවා මෙන් සතුටක් ඇති වන බවයි.
එහි ඡායාරූප පහත දැක්වේ