රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග පාකිස්ථාන ජාතිකයකු වැල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්.
මෙම පාකිස්ථාන ජාතිකයා ඊයේ (27) දිවයිනට පැමිණ ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
ඔහු සතුව තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 2කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුණා.
ගමන් මල්ලේ සූක්ෂ්ම ලෙස අසුරා ඔහු මෙම හෙරොයින් තොගය දිවයිනට රැගෙන විත් තිබෙනවා.
මෙම පාකිස්ථාන ජාතිකයා සමග එක්ව කටයුතු කළ බව පැවසෙන ශ්‍රී ලාංකිකයකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඔවුන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (28) රැඳවුම් නියෝගයක් ලබාගැනීමට ද නියමිතයි.