Friday, May 17, 2024

General line - 0115112241

හොංකොං සය සාමාජික ක්‍රිකට් පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට




හොංකොං පන්දුවාර 05 සය සාමාජික ක්‍රිකට් තරගාවලිය අද (28) ආරම්භ වුණා.

තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් ජය ලබාගැනීමට සමත් වුණා.

ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 16කින් පරාජය කරමින්. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 05 තුළ කඩුළු 2කට ලකුණු 114ක් රැස්කළා.

ලකුණු 115ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නියමිත පන්දුවාර 5 තුල කඩුලූ 3ක් දැවී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 98ක් පමණයි.

මේ අතර ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවන තරගය බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වුණා.

එම තරගයෙන් ලකුණු 7ක ජයක් ලබාගත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

නවසීලන්තය කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැති තරගයෙන් ද නවසීලන්තයට කඩුළු 3ක ජයක් හිමිවුණා.

හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලිය අද (28) සහ හෙට (29) හොංකොංහිදී පැවැත්වෙනවා.