ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පිරිස් ශ්රී ලංකා නිදහස් පක්ෂයට යළි එක් කරගැනීමට තමා විරුද්ධ බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඇහැළියගොඩ ප්රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකට අද (29) එක්වෙමින් ඇය මෙම අදහස් පල කළා.
එමෙන්ම ශ්රී ලංකා නිදහස් පක්ෂය සොරකම් නොකරන නායකයින්ගෙන් සමන්විත පක්ෂයක් බවයි මෙහිදී හිටපු ජනාධිපතිනිය කියා සිටියේ.
රට ගොඩනැගීමට නම් සොරුන් පලවා හැරිය යුතු බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිනිය කියා සිටියේ මෙරට ප්රධාව දේශපාලන පක්ෂ වන ශ්රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගත යුතු බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියා සිටියේ පුරසාරම් දොඩන සොරුන්ට මැතිවරණය ජය ගැනීමට නොහැකි බවයි.
එමෙන්ම තමන් සමග සාකච්ඡාවට පැමිණියේ නම් කම්මුල් පහරක් දෙන බවයි ඇය එහිදී කියා සිටියේ.