Friday, October 18, 2024

General line - 0115112241

එජාපයේ ආසනය අහිමිවීම ගැන රන්ජන් කතා කරයි




දිවුලපිටිය ආසන සංවිධායක ධුුරයෙන් තමන් ඉවත් කිරීමට නිශ්චිත හේතුවක් මෙතෙක් නොදන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

එක්සත් ජාතික පක්ෂය ඊයේ (30) නව ආසන සංවිධායකවරුන් 31 දෙනෙකු හා දිස්ත‍්‍රික් සංවිධායකවරුන් 3 දෙනෙකු පත් කළා.

නව පත් කිරීම්වලට අනුව, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට දිවුලපිටිය ආසන සංවිධායක ධුරය අහිමි වූ අතර ඒ වෙනුවට පත් කර ඇත්තේ ආචාර්ය කිත්සිරි මංචනායකයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කියා සිටියේ පක්ෂය වෙනුවෙන් පවරා ගත් නඩු හේතුවෙන් තමන් ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරන්නට ඇති බවයි. 

පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් තමන් දැක්වු දායකත්වය පිිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා. 

එහිදී ඔහු සඳහන් කළේ "මම හොරු ආරක්ෂා කරන්නේ නැහැ.. මගේ මතය හැමදාම කෙලින් කතා කළා. පක්ෂයේ දේවලුත් කෙලින් කතා කළා. පක්ෂයේ මාෆියාව ගැනත් දිගටම කතා කළා.. දිවුලපිටිය ඡන්ද විසිදහස් ගණනකින් පැරදුණු කාළේ ඒක දෙදහස් ගණනකට අඩු කරලා දුන්නේ මම. කොහොම වුණත් පක්ෂය නිසා මම නඩු ගොඩක් දාගෙනයි ඉන්නේ.. " යනුවෙනි.