Friday, May 3, 2024

General line - 0115112241

නිව්යෝර්ක් නුවරට ප්‍රහාරයක් (PHOTOS) (VIDEO)

ඉෂාර සුපෙම් මානගේ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




නිව්යෝර්ක් නුවර පදික හා පාපැදි මං තීරුවක් වෙත ට්‍රක් රථයක් ධාවනය කිරීමෙන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු පමණ මියගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එහි වැඩි දුරටත් සඳහන් වන්නේ.

පසුව ට්‍රක් රියෙන් පිටතට පැමිණි පුද්ගලයෙකුට පොලිසිය වෙඩි තබා ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමෙරිකානු මාධ්‍ය මෙම සිදුවීම හඳුන්වා දෙනු ලැබුවේ ප්‍රහාරයක් ලෙසයි.