Friday, September 20, 2024

General line - 0115112241

‘පාද යාත්‍රාවෙන් පසු තීරණයක් ගන්නවා’




ජන සටන පාද යත‍්‍රාව සංවිධාන කරන්නේ් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේම මන්තී‍්‍රවරුන් විසින් බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.

එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා ප‍්‍රකාශ කළේ විරෝධතා පා ගමනින් පසු ඒ පිළිබද ආණ්ඩුව ගනු ලබන කි‍්‍රයාමාර්ග දෙස බලා නව පක්‍ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව ප‍්‍රකාශ කළා.

මන්තී‍්‍රවරයාගේ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි පැවසුවේ සීමාව ඉක්මවා ගියහොත් නීතිමය පියවර ගැනීමට පක්‍ෂයට හැකියාව තිබෙන බවයි.