Friday, May 3, 2024

General line - 0115112241

නිව්යෝර්ක් නුවරට ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට ට්‍රම්ප් අනතුරු අඟවයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් අදහස් පළ කර තිබෙනවා.

ඒ, අයි.එස්. ත‍්‍රස්ත සංවිධානයට අනතුරු ඇඟවීමක් ද සිදු කරමින්.

ඩොනල්ඩ් ට‍්‍රම්ප් අවධාරණය කළේ අයි.එස්. ත‍්‍රස්තයින් මැදපෙරදිගදී අනිවාර්යයෙන්ම පරාජය කරන බවයි. එමෙන්ම ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සිය ශෝකය පළ කරන අමෙරිකානු ජනාධිපතිවරයා දෙවියන් මෙන්ම සමස්ත රට වැසියන් ද ඔවුන් සමග සිටින බව ප‍්‍රකාශ කර තිබෙනවා. 

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට එල්ල වූ ප‍්‍රහාරය ත‍්‍රස්ත ක‍්‍රියාවක් බවට එරට බලධාරීන් මීට නොබෝ වේලාවකට පෙර තහවුරු කළා.

ඒ, ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයාගේ අනන්‍යතාව ද හෙළි කරමින්.

ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේ ජීවත් වී ඇති ඔහු 2010 වසරේ දී අමෙරිකාවට පැමිණි සංක‍්‍රමණිකයෙකු බවයි පැවසෙන්නේ.

වේගයෙන් පදවාගෙන ආ ට‍්‍රක් රථයක් පදිකයින් ගමන්ගන්නා මගී සහ පාපැදි මංතීරුවට ධාවනය කරවීමෙන් මෙම ප‍්‍රහාරය එල්ල කෙරුණා. පසුව පොලිසිය වෙඩි තබා සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 08 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර තවත් පිරිසක් බරපතල තුවාල ලැබුවා.