Friday, September 20, 2024

General line - 0115112241

මැලේසියානු නියෝජ්‍ය අගමැති ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට (PHOTOS)




දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මැලේසියානු නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය අහමඞ් සහීඞ් හමීඞ් සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන අතර හමුවක් අද (21) පැවැත්වුණා.

ඒ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි. දීර්ඝ කාලීනව රටේ සහයෝගිතාව වර්ධනය කර ගැනීමට අනුගමනය කළයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

මැලේසියානු නියෝජ්‍ය අග‍්‍රාමාත්‍යවරයා සමග එරට ව්‍යාපාරිකයන් පිරිසක්ද ශී‍්‍ර ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන් හෙට (22) පෙරවරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට නියමිතයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමගද ඔවුන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මුතුරාජවෙල ඉදිකරනු ලබන ලිහිසි තෙල් මිශ‍්‍රණ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවටද මැලේසියානු නියෝජ්‍ය අග‍්‍රාමාත්‍යවරයා සහභාගි වනවා.

DSC_6911 DSC_6917 DSC_6918 DSC_6924 DSC_6932 DSC_6947 DSC_6954 DSC_6957 DSC_6966 DSC_6978