Friday, October 18, 2024

General line - 0115112241

ඇතැම් වැඩ අපේක්ෂා කළ තරම් නැහැ! යුරෝපා මන්ත්‍රීවරු කියති (UPDATE)

ප්‍රබෝධා හෙට්ටිආරච්චි




ශ‍්‍රී ලංකාව ආර්ථික හා දේශපාලන වශයෙන් වර්ධනයක් අත්කරගෙන ඇතැයි යුරෝපා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පෙන්වා දෙනවා. එය ප‍්‍රශංසනීය තත්ත්වයක් බවයි කොළඹ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් කියාසිටියේ. 

යුරෝපා රටවල් ශ‍්‍රී ලංකාවට පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කරවාගැනීම සහ ජීඑස්පී ප්ලස් සහනය යළි දිනාගැනීම ශ‍්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලනය වර්ධනයට උදාහරණ බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කෙසේවෙතත් ඇතැම් ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් තමන් අපේක්ෂා කළ තරම් වේගවත්ව ශ‍්‍රී ලංකාව ඉදිරියට ගමන් නොකරන බවයි යුරෝපා පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වැඩිදුරටත් කියා සිටියේ.

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් පිරිසක් දින 3ක් පුරා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. ඒ ශ‍්‍රී ලංකාවේ සමාජ, දේශපාලන හා ආර්ථික කටයුතු පිළිබඳ සොයාබලමින්. ඔවුන් කොළඹදී ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වූයේ එහි නිරීක්ෂණ අනාවරණ කිරීම සඳහායි. ශ‍්‍රී ලංකාවේ සිදුවෙමින් තිබෙන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳවද මෙහිදී අදහස් පළවුණා.

--------------------------------------------------------

යුරෝපා මන්ත්‍රී පිරිසක් කොළඹට ඇවිත් ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

02-11-2017 19:47

ශ‍්‍රී ලංකාව පොරොන්දු වූ පරිදි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් අහෝසි නොකිරීම යුරෝපා පාර්ලිමේන්තුවේදී ශ‍්‍රී ලංකාවට අවාසිසහගත විය හැකි බවද  මෙහිදී ප‍්‍රකාශ කෙරූණා.  ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත‍්‍රස්ත විරෝධී පනත බලාත්මක කරන බවට ශ‍්‍රී ලංකාව ඉකුත් වසරේදී පොරොන්දු වූ බවයි යුරෝපා පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි ජීන් ලැම්බර්ට් සිහිපත් කළේ.  ජී එස් පී ප්ලස් වැනි කරුණුවලදීද ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නේද යන්න පිළිබ`ද ඉදිරියේදී ප‍්‍රමුඛ ලෙස සැළකිල්ලට ගනු ඇතැයි ඇය පැවසුවා. 

 

ආණ්ඩුව පොරොන්දු වූ පරිදි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් අහෝසි නොකිරීම යුරෝපා පාර්ලිමේන්තුවේදී ශ‍්‍රී ලංකාවට අවාසිසහගත විය හැකි බවට එහි මන්ත‍්‍රීවරුන් අනතුරු අඟවනවා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත‍්‍රස්ත විරෝධී පනත බලාත්මක කරන බවට මෙරට රජය පසුගිය වසරේදී පොරොන්දු වූ බවයි යුරෝපා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පෙන්වා දෙන්නේ. 

ජීඑස්පී ප්ලස් සහනය යළි ලබාදීමෙන් සහ යුරෝපා වෙළෙඳ පොළට මත්ස්‍ය අපනයනයට ශ‍්‍රී ලංකාවට පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සොයාබැලීම සඳහායි අදාළ මන්ත‍්‍රී කණ්ඩායම මෙලෙස ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ. ජීඑස්පී ප්ලස් සහනය වැනි කටයුතුවලදී ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නේද යන්න පිළිබඳ ඉදිරියේදී ප‍්‍රමුඛ ලෙස සැළකිල්ලට ගනු ඇතැයි ඔවුන් කියාසිටියා. එම පනත යටතේ තවමත් රඳවා සිටින සිරකරුවන් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා. 

පසුගිය 31 වැනිදා සිට හෙට දින දක්වා යුරෝපා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සංචාරයේ නිරත වනවා.