Sunday, September 8, 2024

General line - 0115112241

ජනපති සමග සාකච්ඡාවක් දෙන්න බැරිනම් දැඩි තීරණයක් ගන්නවා




සයිටම් ගැටලූවට රජය ප‍්‍රකාශයට පත්කර ඇති විසදුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග වහාම සාකච්ඡාවක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ පැවසුවේ එසේ නොමැතිනම් ලබන හය වනදා රැස්වන මධ්‍යමකාරක සභාවේ දී දැඩි තීරණ වලට එලබෙන බවයි.

සයිටම් ගැටලූවට සැබෑ විසඳුමක් ලබාගැනීම සඳුහා අවශ්‍ය  ඕනෑම අවස්ථාවක වැඩවර්ජනයක් සදහා වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර සයිටම් ආයතනය වසා දමන ලෙස බලකරමින් බදුල්ල බස් නැවතුම්පල ඉදිරිපිටදී අද සත්‍යග‍්‍රහයක් සිදුකෙරුණා. ඒ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුව සහ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින්. වෛද්‍ය ශිෂ්‍යයන්, වෙනත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ මව්පියන් ද ඊට සහභාගි වුණා.