Friday, October 18, 2024

General line - 0115112241

ගීතා පාර්ලිමේන්තු ආවෝතින් වෙන දේ මෙන්න

හේමන්ත කහවලගේ




පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරයකට නුසුදුසු බවට අධිකරණය විසින් තීන්දු කෙරුණු ගීතා කුමාරසිංහ නැවත පාර්ලිමේන්තුවට පැමිණයහොත් සභා ගර්භයට ඇතුළු වීමට ඇයට අවසර ලබා නොදෙන්නැයි පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරීවරයා එහි ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබෙනවා.

ඇය පාර්ලිමේන්තුවට පැමිණියහොත් කථානායකවරයා වෙත ඉදිරිපත් කරන ලෙසයි වේත‍්‍රධාරීවරයා පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා අදාළ අංශ සමග සාකච්ඡා කිරීමෙන් පසු කළ දැනුම්දීමක් අනුව වේත‍්‍රධාරීවරයා ආරක්ෂක අංශ වෙත මෙම නියෝග ලබාදී තිබෙනවා.

මේ අතර ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී  ධූරයකට නුසුදුසු බවට අධිකරණය විසින් තීන්දු කෙරුණේ ඇය ද්විත්ව පුරවැසිභාවයක් දැරීම හේතුවෙන්.