Sunday, September 8, 2024

General line - 0115112241

ජනපති කැඳවූ සාකච්ඡාව ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කරයි (UPDATE)

ඩිල්ෂාන් මඩවල





ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා. මෙම සාකච්ඡුාව සඳහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට ද ආරාධනා කර තිබෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.  කෙසේ වෙතත් තමන් මෙම සාකච්ඡාවට සහභාගී නොවන බවයි ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා කියා සිටියේ.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ආණ්ඩු කිරීම, ඉණ්ඩාරනායක ප්‍රතිපත්තීන්ගෙන් බැහැරව කටයුතු කිරී සහ හිටපු ජනාධිපතිනියගේ ප්‍රකාශයන් හේතුවෙන් මෙම සාකච්ඡා සාර්ථක වෙයි කියල අපි විශ්වාස කරන්නේ නහැ. ඒ නිසා අපි ඔය සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ." යැයි මන්ත්‍රීවරයා පවසනවා

---------------------------------------------------------

ජනපති අද දවල් 12ට ශ්‍රීලනිප අභ්‍යන්තර සාකච්ඡාවක් කැඳවයි.

03-11-2017 08:41

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) පැවැත්වෙනවා. දහවල් 12ට මෙම සාකච්ඡුාව සඳහා කැඳවීම් කර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවිර පැවසුවේ. එළඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳ මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරෙනු ඇති. මෙම සාකච්ඡුාව කැඳවා තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය පලාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය නිකුත් කිරීමට ආසන්නව තිබියදියි. අදාළ ගැසට් නිවේදනට සඳහා මේ වනවිට අංකය  නිකුත් කර තිබෙනවා. 

මේ අතර, පලාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ  තරග කිරිම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් කොන්දේසි 7ක් ඉදිරිපත් කර තිබෙනවා. එම කොන්දේසි ඇතුළත් ලිපියක් මන්ත‍්‍රීවරුන් 42නෙකුගේ අත්සන් සහිතව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක වෙත ඊයේ යොමු කෙරුණා. 

එක්සත් ජාතික පක්ෂය සමග පවත්වාගෙන යන හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම, ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියෙන් ඉවත් වීම, බැඳුම්කර වංචාවට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගැනීම අදාළ කොන්දේසිවලින් කිහිපයක්.