Friday, May 3, 2024

General line - 0115112241

අමෙරිකානු ප්‍රහාරක යානා කොරියානු අහසේ - බෝම්බ ප්‍රහාරත් පිටවෙයි 




ජපාන හා දකුණු කොරියානු යුද ගුවන් යානා සමග අමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානා දකුණු කොරියානු කලාපයේ පෙරහුරුවක නිරත වී තිබෙනවා.

අමෙරිකාවේ B-1B වර්ගයේ ප්‍රහාරක යානා කිහිපයක් ගුවාම්හි පිහිටි අමෙරිකානු කදවුරෙන් නික්මී දකුණු කොරියාවේ දකුණු දෙසින් හා ජපානයට බටහිර දෙසින් මුහුදේ ඉලක්කයන් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තුළ සඳහන්. 

උතුරු කොරියාව සහ අමෙරිකාව අතර උණුසුම්කාරි වාතාවරණයක් පවතිද්දී මෙම පෙරහුරු අභ්‍යාසය පැවැත්වීම විශේෂත්වයක් වනවා.