Friday, October 18, 2024

General line - 0115112241

ලොව හොඳම සෞඛ්‍ය විද්‍යාඥයින් අතරට ආ අපේ වෛද්‍යවරයා




2017 වසරේ සෞඛ්‍ය අංශයට අදාල විද්‍යාත්මක පර්යේෂණ වාර්තා ඉදිරිපත් කිරිමේදී ඒ සඳහා වන ඉහළම ජාත්‍යන්තර ඇගයීමක් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන, හම්බන්තොට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ජි.ජි. චමල් සංජීව ට හිමි වි තිබෙනවා. Global Award For Academic Championship 2017  නම් මෙම ජාත්‍යන්තර සම්මානය පිරිනමා ඇත්තේ ලොව හොඳම විද්‍යාත්මක සන්නිවේදන පර්යේෂණ වාර්තා ඇගයිමේ කාර්යෙහි නිරත වන International Agency For Standards and Rating (IASR)  ආයතනය මගිනි. 

ලොව පුරා රටවල් 56කවිද්‍යා පර්යේෂකයින් 6000 කට ආසන්න ප‍්‍රමාණයක් අතරින් 2017 වසරේ සෞඛ්‍ය සඳහා වන මෙම ජාත්‍යන්තර ඇගයිම දිනා ගැනීම විශේෂත්වයක්. ලොව පුරා විසිරි සිටින ඉහළ අධ්‍යාපන හා පර්යේෂණ කුසලතා වලින් හෙබි විද්වත් වෘත්තියකින් ඇගයීම අරමුණු කොටමෙම IASR ආයතනය මගින් වාර්ෂිකව මෙම සම්මානය අංශ ගණනාවක් යටතේ කැපී පෙනෙන පුද්ගලයින්ට පිරිනැමිම සිදු කරයි.ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව ලොව පුරා ඉහළ පිළිගැනිමකට පාත‍්‍ර වු ආචාර්ය මහාචාර්ය මණ්ඩලයක්මගින් විශේෂ ලකුණු දීමේ ක‍්‍රම වේදයකට අනුව මෙම තෝරා ගැනීම සිදුකරනු ලැබ ඇත. මේ ඇගයීමට අනුව 2017 වසරේලොව ඉහළම ඇගයීමට පාත‍්‍රවන ප‍්‍රජා සෞඛ්‍ය සේවකයින් 500 දෙනා අතරටද වෛද්‍ය ජි.ජි. චමල් සංජීව තෝරා ගෙන ඇත.

ඹී් භැඅි ජදරච වාර්තා කරන අන්දමට පසුගිය කල සීමාව තුළදී වෛද්‍ය ජි.ජි. චමල් සංජීව මහතා විසින් සිදු කරන ලද විද්‍යාත්මක පත‍්‍රිකා ඉදිරිපත් කිරිම් විද්‍යා සංනිෙවිදනය හා මාධ්‍ය හැසිරවීම ජාත්‍යන්තර වශයෙන් විශේෂ ඉහල අවධානයට යොමුව තිබේ. මෙම වාර්තාවට අනුව වෛද්‍ය ජි.ජි. චමල් සංජීව මහතාගේ නායකත්වය යටතේ මෙරට සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ අරඹන ලද  වැඩසටහන්ද ඒ මහතා මුලික කොට සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණ ද මෙරට සෞඛ්‍ය සේවයේ නාමය ජාත්‍යන්තර තලයට රැුගෙන යාමට සමත්ව තිබේ. කලාපීය විද්‍යා පර්යේෂණ ප‍්‍රචලිත කිරිමටත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ නියුතු වෛද්‍ය ජි.ජි. චමල් සංජීව මහතා වැනි තරුණ නායකයින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයේ නව තානාපතීන් බවටද මෙම ජාත්‍යන්තර වාර්තාව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව ඇතුල ආසියානු කලාපයේ විද්‍යාත්මක පර්යේෂණ වඩා පුළුල් කොට පවත්වාගෙන යාමට මෙවන් පුද්ගලයින් සම්පත් දායකයින් ලෙස යොදා ගත හැකි බවද තවදුරටත් මෙම ජාත්‍යන්තර වාර්තාව දක්වා ඇත.

තංගල්ල ප‍්‍රාථමික විද්‍යාලය සහ තංගල්ල රාහුල විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ද වීරකැටිය රාජපක්‍ෂ විද්‍යාලයෙන් ද්විතික අධ්‍යාපනයද ලද ඒ මහතා, රුහුණු විශ්ව විද්‍යාලයිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කරන ලද්දේ 2003 වසරේදීය. රෝහල් පරිපාලනය සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳව පශ්චාත් විද්‍යාපති උපාධි සම්පුර්ණ කරන ලද ඒ මහතා හම්බන්තොට දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ලෙස  පසුගිය කාල සීමාවේ දී කටයුතු කරන ලදි.

2007 වසරේදී ශ්‍රී ලංකාවේ  හොඳම විද්‍යාසන්නිවේදකයා සඳහා වන විද්‍යාභිවර්ධන සම්මානය දිනා ගන්නා ලදී. සමාජ ආර්ථික දේශපාලන හා සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ විද්‍යාත්මක හා විචාර ලිපි ලිවිමේ හපන්කම් දක්වන වන වෛද්‍ය ජි.ජි. චමල් සංජීව මහතා ප‍්‍රධාන පෙළේ වෛද්‍ය ග‍්‍රන්ථ 05 ක කතුවරයෙකු ද වෙයි.

2010 වසරේදී, රුපියල් ලක්‍ෂ 50කට ආසන්න වටිනාකමක් ඇති ශල්‍යාගාර ඇඳක් දේශිය අමුද්‍රව්‍ය යොදා ගෙන රුපියල් විසිපන්දහසකට ආසන්න මුදලකින් නිමවීමට ඒ මහතා සමත් විය. එසේම රුපියල් ලක්‍ෂ දහයකට ආසන්න වටිනාකමක් ඇති නවජ උණුසුම්කරණ උපකරණයක්රු පියල් පහලොස් දහසකට ආසන්න මුදලකින් නිමවා රජයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ ඇගයීමට ද වෛද්‍ය ජි.ජි. චමල් සංජීව ලක්විය. 2017 වසරේ දී ශ්‍රී ලංකා හෘද රෝග සංගමයේ වාර්ෂික සැසි වාරයේදී හොඳම විද්‍යා පර්යේෂණ ඉදිරිපත් කිරිම සඳහා වන පළමු පෙළ සම්මානයද හිමි වුයේ වෛද්‍ය ජි.ජි. චමල් සංජීව ටය.

වෛද්‍ය ජි.ජි. චමල් සංජීව දැනට ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ ජාතික පුවත්පත් කිහිපයකම විශේෂාංග රචකයකු ලෙසද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විද්‍යා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසද කැපි පෙනෙන කාර්යයක් මෙරට විද්‍යා සන්නිවේදනයට ඉටු කරයි.දැනට කොළඹ විශ්ව විද්‍යාලයේපශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයට අනුබද්ධව රෝහල් පරිපාලනය පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයන කටයුතු හදාරමින් සිටියි.