Monday, May 6, 2024

General line - 0115112241

ඔසාමා බින්ලාඩන්ගේ පෞද්ගලික ලිපිගොනු තොගයක් ප්‍රසිද්ධ කෙරේ




අල් ක්වයිඩා ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක ඔසාමා බින්ලාඩන්ගේ පෞද්ගලික දිනපොත, ඔහුගේ පුත් හම්සාගේ විවාහයේ වීඩියෝව හා තම පුතුගේ වාර්තා චිත්‍රපටයක් සී.අයි.ඒ සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඊට අමතරව මිලියන භාගය පමණ ලියකියවිලි තොගයක් ද ප්‍රසිද්ධියට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තුළ සඳහන්.

ඔසාමා බින්ලාඩන්ගේ පරිගණකයේ තිබූ ලිපිගොනු 18,000 ක්, හඬපට 79,000ක් සහ වීඩියෝ දර්ශන 10,000කට වඩා වැඩි සංඛ්‍යාවක් මුදාහැරීමට කටයුතු කළ බව සී.අයි.ඒ සංවිධානය පවසනවා.