Friday, October 18, 2024

General line - 0115112241

ගවමස් කෑම පහළට! හරක් ගහනය ඉහළට

ඩිල්ෂාන් මඩවල




ශ‍්‍රී ලංකාවේ ගව මස් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන පරිභෝජනය ක‍්‍රමයෙන් අඩු වෙමින් ඇතැයි අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින්. ඊට අනුව, 2008 වසරේ සිට 2010 වසර දක්වා ගව මස් පරිභෝජනයේ සීග‍්‍ර වැඩි වීමක් සිදුව තිබෙනවා. එහෙත් 2010 වසරෙන් පසු ශ‍්‍රී ලංකාවේ ගව මස් පරිභෝජනය ක‍්‍රමයෙන් අඩු වෙමින් ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

2015 වසරේදී ගව මස් පරිභෝජනය මෙටි‍්‍රක් ටොන් 32,156ක්. 2016 දී එය මෙටි‍්‍රක් ටොන් 31,558ක් දක්වා අඩු වී තිබෙනවා. 

ශ‍්‍රී ලංකාවේ ගව මස් නිෂ්පාදනය ද ක‍්‍රමිකව අඩු වෙමින් තිබෙන බවයි මෙම අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත්තේ. 2015 වසරේදී ශ‍්‍රි ලංකාවේ ගව මස් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 32,180ක් වුණා. එහෙත් 2016 වසරේදී ගව මස් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන සිදුව ඇත්තේ මෙටි‍්‍රක් ටොන් 31,540ක් පමණයි. 

ගව මස් පරිභෝජනය හා නිෂ්පාදනය මෙලෙස අඩු වුවත් ශ‍්‍රී ලංකාවේ එළ හරක් සහ මී හරක් ගහණය සැළකිය යුතු ලෙස වර්ධනය වෙමින් තිබෙනවා.

2016 වසරේදී ශ‍්‍රී ලංකාවේ මුලූ එළ හරක් සහ මී හරක් ගහණය 17 ලක්ෂ 92,452ක්.