Sunday, September 8, 2024

General line - 0115112241

ආමි අසංක සිටිනා සිර මැදිරියේ ජංගම දුරකතන 10ක්




ප‍්‍රබල පාතාල ක‍්‍රියාකාරිකයෙකු බවට සැලකෙන ආමි අසංක නමැත්තා රදවා සිටින කොළඹ මැගසීන් බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියේ තිබී ජංගම දුරකථන 10 ක් සොයාගෙන තිබෙනවා. ඒ නෙත් එෆ් එම් බැලූම්ගල කණ්ඩායම ලබාදුන් තොරතුරකට අනුව බන්ධනාගාර නිලධාරින් කළ පරික්ෂාවකදියි.  

අරුණ උදයන්ත පතිරණ නොහොත් සමයං ඝාතනයට ලක් වීමෙන් පසු ඔහුගේ අපරාධ කල්ලිය දැන් මෙහෙයවනු ලබන්නේ ආමි අසංක විසින් බවට සැකකෙරෙනවා. ඔහු අත්අඩංගුවට ගෙන සිටින්නේ මනුෂ්‍ය ඝානය සහ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් වන චෝදනවලටයි. බන්ධනාගාරගතව සිටියද එහි සිටම ඔහු අපාරාධ මෙහෙයවන බවට නෙත් එෆ් එම් බැලූම්ගල කණ්ඩායමට තොරතුරු ලැබුණා.  බැලූම්ගල කණ්ඩායම විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද දැනුවත් කළේ ඒ අනුවයි. 

ආමි අසංක නැමැත්තාගේ තවත් ක‍්‍රියාකාරකම් පිළිබඳ ලබන සඳුදා නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනෙන් අනාවරණ කෙරෙනවා.