Tuesday, January 14, 2025

General line - 0115112241

අමෙරිකාව සුන්බුන් කරන උතුරු කොරියාව




අමෙරිකාවට ප්‍රහාර එල්ල කිරිම සඳහා උතුරු කොරියාව විසින් නව තාක්ෂණයෙන් යුත් මිසයිලයක් නිෂ්පාදනය කර තිබෙනවා.

මෙම මිසයිලය ස්ථාන ගත කර ඇති තැන සිට අමෙරිකාවේ වොෂිංටන් නුවර දක්වා ගොස් ප්‍රහාර දියත් කර හැකි බවයි උතුරු කොරියාව පවසන්නේ.

උතුරු කොරියාව දිගින් දිගටම හයිට්‍රජන් දුරදිග මිසයිල අත්හදා බැලීම් සිදුකරන අතර එය ලොව රටවලට විශාල තර්ජනයක් වී තිබෙනවා.

එය නවතා දමන ලෙස අමෙරිකාව ඇතුළු ලොව රටවල් පැවසුව ද උතුරු කොරියාව ඒ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා සිය අත්හදා බැලීම් දිගටම සිදුකරනු ලබනවා.

ඒ හේතුවෙන් අමෙරිකාව හා උතුරු කොරියාව අතර දිනෙන් දින ගැටළු වර්ධනය වෙමින් පවතින අතර උතුරු කොරියාවට එරෙහිව අමෙරිකාව යුද්ධය ද ප්‍රකාශ කර තිබෙනවා.

ඒ කෙසේ වෙතත් කිසිඳු මහන්සියකින් තොරව තම දේශ සීමාවේ සිට අමෙරිකාව සුන්බුන් කරන බවයි උතුරු කොරියානු නායක කිම් ජොං උන් කියා සිටියේ.

තමන්ගේ ප්‍රහාරක ශක්තිය නොදැන නිවටයෙකු මෙන් ප්‍රකාශ නිකුත් කිරිම වහාම අවම කර ගන්නා ලෙස ද පසුගියදා උතුරු කොරියානු නායක කිම් ජොං උන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත නිවේදනය කර තිබුණා.