Sunday, September 8, 2024

General line - 0115112241

සත්‍යය අවබෝධ කර දුන් කොරියානු සිහිනය

නොච්චියාගම-එම්.එම්.පී.ජී.පෙරේරා




කොරියානු රැකියාවකට යාම බොහෝ දෙනකුට සිහිනයක් වුවද කොරියාවේ තෙවසරක සේවයෙන් පසු ගිහිගෙය අතහැර දමා  පැවිදි බවට පත්වූ තරුණයකු පිළිබඳ තොරතුරක් අනුරාධපුර උට්ටිමඩුව ජයසිරිපුර සිවලාකුලම ප්‍රදේශයෙන් අනාවරණය වුණා.

 

නමින් ප්‍රභාත් ප්‍රිය කැලුම් වන ඔහු තිස් දෙහැවිරිදි තරුණයෙක්.

 

ව්ද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්ව සිට මිට වසර තුනකට පෙර එනම් 2014 වසරේදී සිය කොරියානු සිහිනය සබෑ කරගැනීමට ඔහු සමත් වුණා.

 

ඔහුගේ පියා විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. අගහිඟකම් වලින් තොර පවුලේ දු දරුවන් හතර දෙනකුගේ පවුලේ තෙවැන්නා ඔහුයි.

 

සෙසු දරුවෝ විවහක වි සිටි අතර මෙම තරුණයා ලබන වසරේ විවහක වීමට තීරණය කර තිබුණා.

කොරියාවේ සිටි කාලයේදී අන්තරජාලය ඔස්සේ විකාශනය වන “ධර්මයයි ඔබයි” නමැති වැඩ සටහන පුරුද්දක් වශයෙන් ශ්‍රවනය කක තිබෙනවා.

 

අවසානයේ ජිවිතයේ සත්‍ය බුදු දහම ඇසුරින් අවබෝධ කර ගත් ඔහු මේ නිස්සාර කටයුතු අතහැර පැවිදි වීමට තීරණය කළ බවයි කියා සිටියේ.

 

මේ බව පසු ගිය අට වනදා දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා.

 

දැහැමි දිවියක් ගෙවන මවත් පියාත් මහත් අමන්දානන්දයට පත් වුණා.

 

එය තම පවුලට ලද මහත් භාගයක් ලෙස දෙමාපියන් සලකන බවයි පැවසුවේ.

 

ඒ සදහා මා පිය අවසර ලත් මේ තරුණයා මේ බව සිය පෙම්වතියට දැනුම් දුන්නේ ඇයගේ ආශිර්වාදය ද අපේක්ෂා වෙන්.

 

එහෙත් එය හිතු තරම් පහසුකාර්යක් නොවිය .

 

තම උත්සහය අත්නොහළ තරුණයා මනා සංයමයකින් යුතුව සිය පෙම්වතියට කරුණු අවබෝධ කර දීමට සමත්ව තිබෙනවා.

 

ඔහු වෙනුවෙන් ටික දිනක් හඩා වැටුන ඇය සත්‍ය තේරුම් ගෙන ඒ සඳහා පෙම්වතාට ආශිර්වාද කළ බව සඳහන්.

ඒ අනුව පසු ගිය මස එකොලොස්ව(11) දා ආපසු ලංකාවට පැමිණි ඔහු තමන් සතු ඉඩකඩම් හා තමා සතු වාහනය හා හරි හම්බ කළ මුදල් සියල්ල දෙමාපියන්ගේ බැංකු ගිණුම්වලට මාරු කර ඇති අතර දෙපතුලේ තිබු පාවහන් දෙක ද නිවසේ තබා සියල්ල අත් හැර ඇදිවත පමණක්ම රැගෙන නිවසින් නික්ම ගියා.

 

ඔහු පසු ගිය 18 වන දින දෙමාපියන් ගේ සතුටු කදුළු මැද “ජයසිරිපුර ධම්ම විජිත” නමින් පැවිදි බවට පත් විය.

 

පැවිදි බව ලැබූ ඔහු මේවන විට ඉංගිරිය ආරම පරිශ්‍රයේ භාවනානුයෝගීව වැඩ වාසය කරනවා.