Sunday, September 8, 2024

General line - 0115112241

පුද්ගලයෙකු සමග අත්අඩංගුවට ගත් ගජමුතු (PHOTO)




ගජමුතු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු බම්බලපිටිය මුහුදු මාවතේදී අද (03) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

, පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් විසින්.

සැකකරු සන්තකයේ තිබී ගජමුතු 3 ක් සොයාගෙන තිබෙනවා.

අද (03) දින පසුවරු 1ට පමණ බම්බලපිටිය පොලිස් වසමේ පිහිටි මැජෙස්ටික් සිටි ගොඩනැගිල්ල ආසන්නයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් විසින් සැක කටයුතු ලෙස සිටි පුද්ගලයකු පරික්ෂා කිරිමේදී ඔහු සතුව තිබි මෙම ගජමුතු සොයා ගත්තා.

අනතුරුව ඔහු බම්බලපිටිය පොලිස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.

සැකකරු හෙට දින (04) දින අළුත්කඩේ අංක 03 අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ බම්බලපිටිය පොලිස්ථානය මගින් සිදුකරනු ලබනවා.

මෙම සැකකරු සමග මඩකලපුවේ පදිංචිකරුවකු ද පැමිණ ඇති බවත් මොහු මෙම ගජමුතු විකිණීමට සහය සඳහා පැමිණ ඇති අයෙකු වන බවත් එම මඩකලපුවේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී ඔහු සිට නොමැති බවට තොරතුරු අනාවරනය වී තිබෙනවා.

මෙම ගජමුතු 03 මුදලින් රුපියල් පනස්දහසකට විකිණීමට සැලසුම් කර තිබු බවද සඳහන්.