Sunday, September 8, 2024

General line - 0115112241

ඉල් පුර පසළොස්වක පොහෝ දින වැඩසටහනට ජනපති එක්වෙයි (PHOTOS)




සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ ඉල් පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන අද (03) පෙරවරුවේ නාරාහේන්පිට ධර්මායතන විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

 

විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත් වල නිරතවීමෙන් අනතුරුව විහාරාධිපති තිඹිරිගස්යාය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පුජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක, උන් වහන්සේට පිරිකර පූජා කොට ආශිර්වාද ලබා ගත්තා.

 

මහාවිහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ මෙවර ධර්ම දේශකයාණන් වහන්සේ වූ අතර ධර්මය ශ්‍රවණය කිරීමට ද ජනාධිපතිවරයා එක්වුණා.

 

විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරය විවෘත කළ ජනාධිපතිවරයා බෝධි ප්‍රාකාරය වටා ඉදිකළ රන්වැට විවෘත කිරීමට ද සහභාගී වූ අතර ජනාධිපතිවරයාගේ වගා සංග්‍රාම සංකල්පයට අනුව යමින් පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි විසින් කොස් පැළ බෙදාදීමක් ද මෙහිදී සිදුකෙරුණා.