රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (03) පෙරවරුවේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු හමුවුණා.
ඒ, සයිටම් ගැටලූවට රජය ඉදිරිපත් කළ විසඳුම් යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමටයි.
අදාළ විසඳුම් යෝජනාවලිය පිළිබඳ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය මෙහිදී සුබවාදී ප්‍රතිචාර දැක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.