Saturday, July 27, 2024

General line - 0115112241

රියාද් ගුවන් තොටුපලට එවපු මිසයිලය උඩුගුවනේදීම විනාශ කළ හැටි (VIDEO)

ධරිත් පෙරේරා - ඩේලි මීරර් ඇසුරෙන්




ඊයේ (04) රාත්‍රියේ යේමනයේ සිට සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපලට මිසයිලයක් එල්ල කර තිබෙනවා.

මෙම මිසයිල ප්‍රහාරය සාර්ථකව ව්‍යර්ථ කිරීමට එරට ආරක්ෂක අංශ සමත්වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙය බැලස්ටික් වර්ගයේ මිසයිලයක් බවට හඳුනාගෙන ඇති අතර එය ගුවනේදීම විනාශ කර තිබෙනවා.

මිසයිලයේ කැබළි ගුවන් තොටුපල පරිශ්‍රයට පතිත වුවද ඉන් කිසිවකුටත් හානියක් සිදුවී නැහැ.

මිසයිලය එල්ල කිරීමේ වගකීම හවුති ත්‍රස්තවාදීන් විසින් භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.