Saturday, July 27, 2024

General line - 0115112241

වට්ස්ඇප් සහ ටෙලිග්‍රෑම් තහනම් කිරීමේ තීරණයක්

ධරිත් පෙරේරා - ටෙක් ක්‍රන්ච් ඇසුරෙන්




වට්ස්ඇප් සහ ටෙලිග්‍රෑම් පණිවුඩ සේවා  භාවිතය තහනම් කිරීම සඳහා ඇෆ්ගනිස්ථානයේ අවධානය යොමුව තිබෙනවා.

එරට විදුලි සංදේශ නියාමන අධිකාරිය ඒ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානයේ අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සේවා අවහිර කිරීමට කටයුතු කිරීම ගැන එරට සමාජජාල පරිශීලකයන් ඇෆ්ගන් රජයට දැඩිව චෝදනා එල්ල කරනවා.

ඇෆ්ගනිස්තානයේ ප්‍රධානතම පුවත්පතක කර්තෘවරයෙකු පවසා සිටියේ මෙය අතිශය ප්‍රතිගාමී පියවරක් බවයි. එය වහා ඉවත්කිරීමට රජය කටයුතු කළ යුතු බවත් ඔහු පවසනවා.

මෙම පණිවුඩ සේවා එරට ක්‍රියාත්ම තලේබාන් සංවිධානය සහ අනෙකුත් මූලධර්මවාදී සංවිධානවල සන්නිවේදන කටයුතු අඩාල කිරීමේ පියවරක් විය හැකි බවද ඇතැමුන් පවසනවා.

කෙසේ වෙතත් මෙම තහනම තවමත් ක්‍රියාත්මක කර නැහැ.