රජය මගින් පිහිටුවීමට යෝජිත අතුරුදන්වූවන්ගේ කාර්යාලය සම්බන්ධයෙන් ඇතමුන් ප්‍රකාශ නිකුත් කරන්නේ නිසි අවබෝධයකින් තොරව බව රජය පවසනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහේෂිනි කොලොන්නගේ සඳහන් කළේ එම කාර්යාලය සම්බන්ධයෙන් ලබන මාසයේදී පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්වෙන බවයි. අතුරුදන් වූවන්ගේ කාර්යාලයට හිමිවන බලතල සම්බන්ධයෙන් ඕනෑම අයෙකුට එහිදී සංශෝධන ඉදිරිපත් කළ හැකි බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර මෙම කාර්යාලය කි‍්‍රයාත්මකවීමේදී රට හමුවේ දැවැන්ත අනතුරක් නිර්මාණය වන බව සිංහල සංගේදම සංවිධානය පවසනවා. එහි බුද්ධි මණ්ඩල සභික ආචාර්ය චමිල ලියනගේ ප්‍රකාශ කළේ ජගත් මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ යෝජනා අනුව මෙම කාර්යාලය පිහිටුවනු ඇති බවයි.
ඇතැම් රාජ්‍ය නොවන සංවිධානද මෙම කාර්යාලය පිහිටුවීමේ කටයුතුවලට ඍජුව මැදිහත්වී ඇති බව ආචාර්ය චමිල ලියනගේ පෙන්වා දුන්නා.
රජය මගින් පිහිටුවීමට යෝජිත අතුරුදන්වූවන්ගේ කාර්යාලය ශී‍්‍ර ලංකාවේ සන්නද්ධ හමුදාවන් පාවාදීමක් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඊයේ (20) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.