Monday, May 6, 2024

General line - 0115112241

සෞදියේදී මිලියන 50ක් කොල්ලකෑ ශ්‍රී ලාංකිකයන් පිරිසකට සිදුවූ දේ

ධරිත් පෙරේරා - ද නැෂනල් ඇසුරෙන්




සෞදි අරාබියේදී රුපියල් මිලියන 50ක මුදල් තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුට සිරදඬුවම් ලබාදීමට එරට අධිකරණය නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ ආරක්ෂක සේවයේ නියැලී සිටි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුටයි.

වෑන් රථයකින් මුදල් රැගෙන යමින් සිටියදී මොවුන් මුදල් කොල්ලකා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිසට අවුරුදු 3 බැගින් සිරදඬුවම් ලබා දීමට එරට අධිකරණය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

සිරදඬුවම් අවසන් වූ පසුව ශ්‍රී ලාංකිකයනින් 6 දෙනා මෙරටට පිටුවහල් කිරීමට නියමිතයි.