එළඹෙන උත්සව සමයේදී බඩු මිල අඩුකිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ තංගල්ලේ පැවැති උත්සවයකදීයි.
වෙළඳපොලේ භාණ්ඩවල මිළ ඉහළ ගොස් ඇති බව රජය දැනුවත් බවත් ඒ සම්බන්දයෙන් ක්‍රමයෙන් විසඳුම් ලබාදෙමින් සිටින බවත් අමාත්‍යවරයා කියා සිටියා.
මෙවර අයවැයෙන් ද ජනතාවගේ ජීවන වියදම අඩු කර ජීවන මට්ටම උසස් කිරීමට යෝජනා ඉදිරිපත් කෙරෙනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.