Wednesday, January 15, 2025

General line - 0115112241

නැව ආවත් තෙල් බාන්න ගැටලු තියෙනවා

නිශාන් ද සිල්වා




පෙට‍්‍රල් ලබාගැනීම සදහා ඊයේ (06) රාති‍්‍ර සිට අද (07) උදෑසන දක්වාම ඉන්ධන පිරවුම්හල් ආශි‍්‍රතව දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් ආශි‍්‍රතව පොලිස් ආරක්‍ෂාවද යොදවා තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

ඊයේ රාති‍්‍රයේ සිට අද අලූයම දක්වා පෙට‍්‍රල් ලබාගැනීමට ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණ පෝලිම්වල සිටි ති‍්‍රරෝද රථ රියදුරන් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් දැක්වුවා.

එහිදී ඔවුන් කියා සිටියේ "කොළඹ නෙළුම් පොකුණ ළඟ ඉන්ධනහලේ තෙල් බවුසරයක් ගෙනාවා. ඒක අද උදේ 9.00 වෙනකම් තියාගෙන ඉන්නවා..තෙල් දෙන්න. පොලිසියත් දාලා. අපි ඊයේ රෑ ඉඳන් පෝලිම්වල ඉන්නවා. පැය 10 ක් 15ක් විතර ඉන්න මිනිස්සුයි මෙතන ඉන්නේ. රස්සාවක් කරගන්න විදිහක් නැහැ. ආදායමක් නෑ. ෆිනෑන්ස් ගෙවන්න ඕනේ. මේ වගේ ගොඩාක් ප්‍රශ්න එක්කයි අපි ජීවත් වෙන්නේ." යනුවෙනි.

මතුව ඇති පෙට‍්‍රල් අර්බුදයට මේ වනවිට දින 5 ක් ගතව තිබෙනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග කියාසිටියේ තවත් දින කිහිපයක් සඳහා ප‍්‍රමාණවත් පෙට‍්‍රල් තොග ඛනිජ තෙල් සංස්ථාවේ ගබඩාවල පවතින බවයි.

ඇණවුම් කරන ලද පෙට‍්‍රල් රැගත් නෞකාවක් මේ වනවිට දිවයිනට ළගාවෙමින් ඇති බවද ඔහු එහිදී කියාසිටියා. ලබන 8 වැනිදා එම නෞකාව ශී‍්‍ර ලංකාවට පැමිණෙනු ඇති බවයි අර්ජුන රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.

ඉන්ධන නෞකා මෙරටට පැමිණියත් එහිදී මතුවන ගැටළු පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

එහිදී "අමතක කරන්න එපා අපිට නැවෙන් තෙල් ගෙනල්ලත් ඒවා බාගන්න පුළුවන් ක්‍රමවේදත් හරි අඩුයි. අපිට ජැටි දෙකක් තිබුණත් ඒවා පසුගිය කාලයේ හරියට  හදාගන්න කටයුතු කරලා තිබුණේ නැහැ..හරිනම් ඒවටයි ආයෝජන කරන්න තිබ්බේ. අවුරුදු ගාණක් තිස්සේ අපි පිරිපහදු ක්‍රමවේදයක් අලුතෙන් හදලා නැහැ." යනුවෙන් සඳහන් කළා.