Friday, May 3, 2024

General line - 0115112241

තෙල් ගහන විදිහ ගැන ආණ්ඩුවෙන් චක්‍රලේඛයක් නිකුත් කරයි




දින කිහිපයක් තිස්සේ ඉන්ධනහල් ආශ්‍රිතව පවතින් තත්ත්වය සැළකිල්ලට ගෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඛණිජ තෙල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඉන් ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම් දී ඇත්තේ පෙට්‍රල් නිකුත් කිරීමේදී වාහනවලට පමණක් ඉන්ධන ලබා දෙන ලෙසයි. 

ජනතාව පෙට්‍රල් ලබා ගැනීමට බෝතල් සහ කෑන් රැගෙන පැමිණීම නිසා බෙදාහරින ඉන්ධන ප්‍රමාණවත් නොවන බවයි වාර්තා වෙන්නේ.

එහෙත් පීඩාවට පත් ජනතාව පෙන්වා දෙන්නේ ඉන්ධන නොමැතිව සිය වාහන අතරමග නතර වී ඇති බැවින් බෝතල් රැගෙන ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන බවයි.

ඉන්ධන පිරවුම්හල් ආශි‍්‍රතව දිගු රථ වාහන පෝලිිම් ඇතිවීමෙන් මේ වනවිට කොළඹ පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් ද පවතිනවා.

එම රථ වාහන පෝලිම් ඇතැම් අතුරු මාර්ගද අවහිර කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.  

ඊයේ (06) රාති‍්‍රයේ සිට රියදුරන් පෙට‍්‍රල් ලබාගැනීම සඳහා මෙලෙස පෝලිම්වල රැදී සිටිනවා. අද (07) උදෑසන වනවිට එම පෝලිම් තවත් දීර්ඝ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.

මේ වනවිට කොළඹ අවට ඉන්ධන පිරවුම්හල්වල ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා.