Friday, May 3, 2024

General line - 0115112241

26 හැවිරිදි සැමියා 19 හැවිරිදි බිරිඳත් සමග යාපනයේදී ජයටම කළ ජාවාරම (PHOTOS)

රොමේෂ් මධුෂංඛ - වන්නිය




යාපනය මණියන්තොට්ටම් ප්‍රදේශයේදී රුපියල් 21ක් ලක්ෂ හැටඅටදහසක ව්‍යාජ මුදල් මුද්‍රණය කළ දෙදෙනෙකු ඊයේ (06) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසනවා.

මණියන්තොට්ටම් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුලදී අදාළ ව්‍යාජ මුදල් තොගයක් ඇති බවට යාපනය පොලීසිය ලැබුණු බුද්ධි තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව පොලිස් නිලධාරීන් පිරිසක් අදාළ ප්‍රදේශයට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර ව්‍යාජ මුදල් මුද්‍රණය කල බවට සැකකෙරෙන විවාහක යුවලක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.

අත්අඩංගුවට පත් සැකකරු 26වන වියේ පසුවන අයෙක් වන අතර සැකකාරිය 19 වන වියේ පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් ව්‍යාජ මුදල් අතර රුපියල් 5000 නොට්ටු 400 ක්, රුපියල් දහසේ නෝට්ටු 168ක් නිවස තුල තිබියදී සොයාගෙන ඇති අතර ඊට අමතරව ව්‍යාජ මුදල් මුද්‍රණය සඳහා යොදාගත් ලැප්ටොප් දෙකක්, ස්කෑනර් දෙකක්, ඩොන්ගල් එකක් හා ජංගම දුරකතන දෙකක් අදාළ නිවස තුල තිබියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.