Friday, May 3, 2024

General line - 0115112241

සයිටම් තීරණය ගැන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කරුණු කිහිපයක් මතු කරයි




මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ඉකුත්දා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට සහ ගැටලූ සහිත තවත් කරුණු ඇත්නම් ඒ පිළිබඳව ද සළකා බැලීම සඳහා නව කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබුණා.

අදාළ සියලූ පාර්ශ්වයන් නියෝජනය වන පරිදි මෙම නව කමිටුව පත්කෙරෙනු ඇති බවයි ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඉකුත්දා ඉදිරිපත් කෙරුණු යෝජනා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් විසින් නිර්දේශ කළ ඒවායි.

කෙසේවෙතත් මෙම තීරණය පිළිබඳව කරුණු කිහිපයක් මතු කරමින් සයිටම් ආයතනය වෙනුවෙන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ලිපියක් යොමු කර තිබෙනවා.

ඉන් පෙන්වා දී ඇත්තේ ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා පත්කළ පුද්ගල කමිටුව තුළ සයිටම් නියෝජනයක් නොමැති බවයි. 

එම සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වෙයි.