Friday, May 3, 2024

General line - 0115112241

ගාල්ලෙන් පාර්ලිමේන්තුවට එන හිටපු ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කරන්න යන දේ ගැන කියයි




ද්විත්ව පුරවැසිභාවය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වූ ගීතා කුමාරසිංහ වෙනුවට පාර්ලිමේන්තුවට යාමට නියමිතව ඇත්තේ හිටපු අමාත්‍ය පියසේන ගමගේය. www.nethnews.lk සමග සාකච්ඡාවකට එක්වු ඔහු තම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවා.

කවද විතර පාර්ලිමේන්තුවේදී දකින්න ලැබේවිද?

දැනටමත් අදාල ගැසට්නිවේදනය නිකුත් කිරීමට අවශ්‍යකටයුතු කෙරෙමින් පවතින බවයි දැනගන්න තියෙන්නේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත පක්ෂය අදාල පුරප්පාඩුව දැනුම් දීම කරලයි තියෙන්නේ. මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනය නිකුත් කළ පසු පවත්වන පාර්ලිමේන්තු දිනයකදි දිවුරුම් දීම කළ හැකියි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඡන්දය ඉල්ලු පිරිස පාර්ලිමේන්තුවේ දෙපැත්තකයි අසුන්ගෙන ඉන්නේ. ඔබ අසුන් ගන්නේ මොන පැත්තේද?

මම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක්. මම ඉන්නේ පක්ෂයත් එක්ක.

ඒ කියන්නේ නායකත්වය සමග ඉන්න පිරිස ඉන්න ආණ්ඩු පක්ෂයේ කියන එකද?

ඔව්.

ඔබ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක්, කැබිනට් ඇමතිවරයෙක්, පසුව ජේ්‍යෂ්ඨ ඇමතිවරයෙක්, ආණ්ඩු පක්ෂයේ ඉඳගන්නේ මන්ත්‍රීවරයෙක් විදියට කටයුතු කරන්න පමණද?

ඉස්සෙල්ලම කොහාමත් මන්ත්‍රී කෙනෙක් වෙන්න එපායැ . ඒත් එහෙම ඇමතිකමක් ගැන කිසිම දෙයක් කතා කරල නැහැ. පාර්ලිමේන්තුවේ ඉඳපු අවුරුදු 26ටම මම කවදාවත් එහෙම ඉල්ලගෙන ගිහින් ඇමතිකම් ගත්ත කෙනෙකුත් නෙවෙයි. 

මම පාර්ලිමේන්තුවට අවේ 1989 මැතිවරණයෙන්. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට. 1994න් පසුව නියෝජ්‍ය ඇමති, කැබිනට් ඇමති තනතුරු දරල තියෙනව. මගේ ඒ පළපුරුද්ද ගැන හිතල යම් ගැලපෙන දෙයක් ලැබෙනවනම් ඒ දේ බාරගන්නව.