Saturday, October 19, 2024

General line - 0115112241

යාපනයේ සරසවි ගැටුම ගැන අනුර කතා කරයි




යාපනය විශ්වවිද්‍යාලයේ ඉකුත්දා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක අද (21) පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කිරීමට නියමිතයි.

අදාළ ගැටුම සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති විමර්ශනවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් ඔහු එහිදී ප‍්‍රශ්න කරනු ඇති. අදාළ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර තිබේද යන්න සම්බන්ධයෙන්ද අනුර කුමාර දිසානායක මන්තී‍්‍රවරයා ප‍්‍රශ්න කිරීමට නියමිතයි.

මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට ආණ්ඩුව ඉදිරියේදී ගනු ලබන කි‍්‍රයාමාර්ග පිළිබඳවද මෙහිදී ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අදාළ ගැටුම සම්බන්ධයෙන් ඊයේ (20) අත්අඩංගුවට ගැණුනු යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයෙකු ඇපමත මුදා හැරුණා.

(එහිදී ඔහු සිදු කිරීමට නියමිත ප්‍රකාශය පහතින් දැක්වෙයි)

jvp