Saturday, July 27, 2024

General line - 0115112241

දින 15කට පෙට්‍රල් ගෙන එන "නෙවස්කා ලේඩි" මෙරට මුහුදු සීමාවට එයි (UPDATE)

තරංග රුක්ෂාන් ජයසේකර




ඩුබායි සිට පැමිණෙන ‘ නෙවස්කා ලේඩි ’ නෞකාව මේ වනවිට ශී‍්‍ර ලංකා මුහුදු තීරයට අවතීර්ණ වී ඇති බව ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් උපාලි මාරසිංහ කියාසිටියේ නෞකාව දිවයිනට පැමිණි වහා සිය කටයුතු ආරම්භ කිරීමට අදාළ අංශ සූදානමින් සිටින බවයි. 

කෙසේවෙතත් මෙම නෞකාවෙහි ඉන්ධන ගොඩබෑම මතම පදනම්ව නොසිට දැනට පවතින ඉන්ධන තොග බෙදාහැරීමට පියවර ගන්නා බවයි ලේකම්වරයා කියාසිටියේ.

යම් හෙයකින් නෞකාවෙහි ඉන්ධන ගොඩබෑමට නොහැකි වුවහොත් හෙට දිනයට ප‍්‍රමාණවත් තරම් ඉන්ධන ඛනිජ තෙල් සංස්ථාව සතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

කෙසේවෙතත් ඉන්ධන ලබාගැනීමේ අරමුණින් ජනතාව අදත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැුදී සිටින ආකාරය දක්නට ලැබුණා. 

මේ අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන රථ වාහන සංඛ්‍යාවේ අඩුවක් පවතින බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.

කෙසේ වෙතත් ඉන්ධන රැගත් නෞකාව අද (08) රාත‍්‍රි 11.30ට පමණ මෙරටට ළඟාවීමට නියමිත බව පෙර පැවසුවද, රාත්‍රී 7.00 පමණ වනවිට මෙරටට ළඟවනු ඇති බවයි අමාත්‍යංශය පසුව පැවසුවේ.

..................................

රටම බලා සිටි ඉන්ධන රැගත් නෞකාව ගැන පැහැදිළි කිරීමක්

08-11-2017 06:00

රටම බලා සිටි ඉන්ධන රැගත් නෞකාව අද (08) රාත‍්‍රි 7.00ට පමණ මෙරටට ළඟාවීමට නියමිතයි.

ඩුබායි සිට පැමිණෙන මෙම නෞකාවේ ඉන්ධන මුතුරාජවෙලට රැගෙන ඒමටයි කටයුතු යොදා ඇත්තේ.

ඒ අනුව කඩිනමින් පෙට‍්‍රල් බෙදාහැරීම සඳහා සියලූ කටයුතු සූදානම් කර ඇති බව ඛනිජ තෙල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

මෙම නෞකාව පැමිණීමත් සමග දින 5ක් පුරා පවතින පෙට‍්‍රල් හිඟයට සම්පූර්ණයෙන්ම විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මෙම නෞකාව මගින් මෙරටට රැගෙන ඒමට නියමිත ඉන්ධන ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 40,000ක් පමණ වනවා.

ඒ සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ මෙම නෞකාව තුළ රැගෙන එන ඉන්ධන සාමාන්‍ය පරිභෝජනය යටතේ දින 15කට ප්‍රමාණවත් බවයි. එයි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 32750 ක් ඇති බවත් බවත් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7500ක් ඇති බවත් පැවසුවා.

අදාළ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන බවට සටහන් කර තිබුණේ රාත්‍රි 11.30ට වන අතර එහි දැන් පවතින වේගය අනුව රාත්‍රි 7.00 පමණ වන විට පැමිණිය හැකි වේ යැයි අපේක්ෂා කරන බවද මෙහිදී වැඩි දුරටත් පවසා සිටියා.

මෙරට දෛනික පෙට‍්‍රල් අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 2500ක්. ඊයේ (07) දිනයේදී මෙටි‍්‍රක් ටොන් 3000ක් ද පෙරේදා (06) දිනයේදි මෙටි‍්‍රක් ටොන් 2623ක් ද ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැර තිබෙනවා. 

අද දිනයේ තවත් පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 3000ක් බෙදාහැරීමටයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කර ඇත්තේ. 

එහෙත් පෙට‍්‍රල් හිඟය හේතුවෙන් ඊයේ රාත‍්‍රියේ ද දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.

කෙසේවෙතත් වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට‍්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙසට ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කර තිබූ නියෝගය ඊයේ රාත‍්‍රියේම අවලංගු කිරීමටයි පියවර ගැනුණේ. මේ වනවිට අවශ්‍ය තරම් පෙට‍්‍රල් තොග පවතින බව විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග ප‍්‍රකාශ කළා. 

මේ අතර තෙල් අර්බුදය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකිරීමට ආණ්ඩුව සූදානම් බව අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවා. 

ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස ඉන්දියාවේ සිට තවත් නෞකාවක් කඩිනමින් මෙරටට ගෙන්වීමටයි ආණ්ඩුව සැලසුම් කර ඇත්තේ. ඉන්ධන අර්බුදය පිළිබඳ සෙවීම සඳහා මෙන්ම ඊට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා අමාත්‍යවරුන් 3 දෙනකුගෙන් යුත් අනු කමිටුවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා ඊයේ තීරණය කළා.