Saturday, October 19, 2024

General line - 0115112241

ලංකා සතොස හිටපු සභාපති රිමාන්ඩ්(UPDATE)




ලංකා සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු ලබන 28 දින දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(21) නියෝග කළා.

රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා

………………………………….

ලක් සතොස හිටපු සභාපති අත්අඩංගුවට

2016-07-21

ලක් සතොස හිටපු සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන මෙලෙස නලින් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.