Sunday, May 5, 2024

General line - 0115112241

සුපිරි වේගයකින් අයෙක් කළ දේ.. තනිව කළ නිර්මාණයක්! - ලෝක වාර්තාවකුත් පිහිටුවයි (VIDEO)

ධරිත් පෙරේරා - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බ්‍රිතාන්‍යයේ රීඩින් නගරයේදී සිදුකළ ගුවන් ගමනක් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

මෙම ගුවන් ගමනේදී ඔහු පැයට සැතපුම් 32ක සුපිරි වේගයක් ලබාගෙන තිබුණු අතර මෙය ඔහු විසින්ම නිර්මාණය කළ ජෙට් සූට් ඇඳුමක් වීමද විශේෂත්වයක්.

ආරම්භයේදී පියාපත් සහ විදුලි පංකාවල ක්‍රියාකාරීත්වයෙන් සිදුකෙරෙන අහසේ පාවීම සඳහා දක්ෂතා පෙන්වූ ඔහු පසුව ජෙට් එන්ජිමක් යොදාගත් ජෙට් සූට් එකක් සමග වේගයෙන් ගුවනේ දක්ෂතා පෙන්වීමට කටයුතු කරනු ලැබුවා.

මෙයට ගෑස් ටර්බයින් හයක් සවිකර ඇති අතර ඉන් හතරක් අත්වලද දෙකක් ඉඟ දෙපසද සවිකර තිබෙනවා.

මෙය රාත්තල් 286ක බරකින් සමන්විතයි.