Sunday, May 5, 2024

General line - 0115112241

කුවේටයේ වර්ග මීටර් 100,000ක රත්‍රන් නගරයක් ඉදිකිරීමට සැළසුම්




කුවේට් නගර සීමාව ඇතුළත වර්ග මීටර් 100,000ක අති විශාල රත්‍රන් නගරයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ලබාගැනීමට කුවේට් වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශය කුවේට් නගර සභාවට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රදර්ශන ශාලා, ස්වර්ණාභරණ කෞතුකාගාරයක්, වෙන්දේසි ශාලා , මැණික් සහ වටිනා ලෝහ ලබා ගැනීමේ පහසුකම්, පරිපාලන පහසුකම්, ස්වර්ණාභරණ පරීක්ෂණාගාර, ස්වර්ණාභරණ නිෂ්පාදන වැඩපොළවල් 1500ක්, අලෙවිසැල් 2000ක් සහ අනෙකුත් ශාලා පහසුකම් මෙහි ඉදිකිරීමට නියමිතව පවතිනවා.