Thursday, May 2, 2024

General line - 0115112241

පරාජය කළ යුතු උත්සාහයක් ගැන ජනපති කියයි




එල්.ටී.ටී.ඊ. සංවිධානය තවමත් ලොව විවිධ රටවල් තුළ මුදල් එක්රැස් කිරීමේ අසාර්ථක උත්සාහයක නිරත වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ඊයේ (09) පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

එහි දී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එම අසාර්ථක උත්සාහය ද පරාජයට පත් කළ යුතු බවයි.

ඒ සඳහා අවශ්‍ය කටයුතු තමන් සිදුකරන බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.