Monday, May 20, 2024

General line - 0115112241

ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියේ දෙවන ජයත් ලංකාවට (PHOTOS)




ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියේ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද සමත් වුණා.

, ඇෆ්ගනිස්ථාන යොවුන් පිළ ලකුණු 61කින් පරාජය කරමින්.

පන්දුවාර 42කට සීමා වූ මෙම එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් පිළ කඩුලූ 08ක් දැවී ලකුණු 196ක් රැස් කිරීමට සමත් වුණා.

එම ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්ථාන යොවුන් පිලට පන්දුවාර 33යි පන්දු 05ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

හසිත බෝයගොඩ ලකුණු 53ක් සහ ජෙහාන් ඩැනියෙල් ලකුණු 36ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වූවා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 17කට බි`ද හෙළු කඩුලූ සංඛ්‍යාව 05ක්.

මෙවර ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ මැලේසියාවේදීයි.