Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දිය ටෙස්ට් සංචිතය මෙන්න




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිට එක් වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

විරාත් කෝලිගේ නායකත්වයෙන් යුතු එම කණ්ඩායමට ලෝකේෂ් රාහුල්, මුරලි විජේ, ශිකර් ධවාන්, චෙටිෂ්වර් පුජාරා හා අජින්ක්‍යා රහනේ යන ක්‍රීඩකයින් ඇතුළත්.

රෝහිත් ශර්මා, ව්රිද්දිමන් සහා, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදෙව්, මොහොමඩ් සාම්, උමේෂ් යාදෙම්, බුවනේෂ්වර් කුමාර් සහ ඉෂාන්ත් ශර්මා එම සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් වනවා. 

මේ අතර පළමු ටෙස්ට් තරග දෙකෙන් තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩියා විවේක ගැන්වීමටයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ. ඒ, ඔහු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.